Jump to content

User:Dewalapola Ananda M.V

From Wikipedia, the free encyclopedia

අක්කරයක තරම් භූමි භාගයක තනි ගොඩනැගිල්ලකින් ආරම්භ වූ දෙවලපොල ආනන්ද මහා විද්‍යාලයේ මූලාරම්භය කිස්තු වර්ෂ 1875 තරම් ඈත  ඉතිහාසයකට දිවයයි. වර්තමානයේ ආනන්දය තිබෙන ස්ථානයේ විද්‍යාලය ස්ථාන ගතව ඇත්තේ 1915 වර්ෂයේ බව සඳහන් වේ. එසේම මෙම භූමිය උඩුගම්පොළ රාජධානිය කරගත් සකලකලා වල්ලභබාහු රජු විවේක සුවයෙන් කල්ගත කළ ස්ථානයක් බව සදහන් වේ.තවද මෙම විද්‍යාලය දෙවලපෙළ ප්‍රදේශය තුල ඇතිකල ආනන්නදය නිසාම විද්‍යාලයේ  මුල යුගයේ විදුහල්පති ධූරය දැරූ ජොරනිස් රාජපක්ෂ මැතිතුමා විසින්  විද්‍යාලයට දෙවලපොල ආනන්ද විද්‍යාලය  යන නම යොදන්නට වූවා යැයි ආදී ප්‍රදේශවාසීන් පවසති .

                                            ක්‍රමයෙන්   පාසල අවට ධානපතීන්ගේ හා  රජයේ ආධාරයෙන්, අවට භූමි භාගය විද්‍යාලීය භූමියට එක් වී ඇති අතර මේ වන  විට විද්‍යාලයේ භූමි ප්‍රමාණය අක්කර 4යි රූඩ් 2 ක ප්‍රමාණයකි . ග්‍රාමීය  ප්‍රදේශයක පිහිටා ඇති පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ශීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කර ගැනීමට මෙම විද්‍යාලය සමත් විය.

                                            පසුව විද්‍යාලයේ ප්‍රාථමික අංශය විද්‍යාලයෙන් වෙන් වූ අතර මහින්දෝදය  විද්‍යාගාරය ඉදි  වීමත් සමග විද්‍යාලයට නවීන විද්‍යාගාර හා පරිගණකාගාර ඒකකයන් ඇතිවිය. ඒ අනුව උසස් පෙළ විද්‍යා ගණිත අංශය ආරම්භ විය .ඒ සමගම මෙම පාසල 2015 වර්ෂයේ සිට 1AB පාසලක් බවට පත් වීම සුවිශේෂී සිදුවීමක් විය .වර්තමානයේ අධ්‍යායන කාර්ය මණ්ඩලයේ 40 කින් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය 10කින සමන්විත වේ .